Wednesday 8th of July 2026

English Tamil
Advertiesment


බන්ධනාගාර ඛේදවාචකය ගැන විපක්ෂනායකවරයා අසන ප්‍රශ්න රජය වාරණය කරයි


2026-07-08 1255


ස්ථාවර නියෝග 27 (2) යටතේ රිති විරෝධී යැයි කතානායකවරයා විසින් තීන්දු කරන යම් ප්‍රශ්නයක් හැර මහ ලේකම්වරයාට දැනුම් දී ලැබ ඇති සියලු ප්‍රශ්න දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 7ක් ඉකුත් වන්නට මත්තෙන් නොයෙදෙන දිනකදී පිළිතුරු ලැබීමට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුළත් කරනු ලැබිය යුතු බවත් ප්‍රශ්න අවසානයේ දී පොදු වැදගත්කමින් යුතු ප්‍රශ්නයක් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා හෝ පිළිගත් දේශපාලන පක්ෂ නායකයා විසින් අසනු ලැබිය හැකි බවට සඳහන් බවත් මේ යටතේ 2026.7.8 දින තමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කළ නමුත් ඒවා සභාවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදාදා (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුමට හේතුව රජය අනාවරණය කර තිබේ නම් එම හේතුව, තත්ත්වය පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් කිරිමට නියෝගය ලබා දුන් පාර්ශ්වය, එම නියෝගය ලබා දීමට පැවැති නෛතික ප්‍රතිපාදන සේම මේ නියෝග නිසිකලට ලබා දුන්නේද යන්න සේම මෙම සිදුවීමෙන් අද දිනට වාර්තා වන ජීවිත හානි හා දේපල හානි මෙන්ම මේ සම්බන්ධ ස්වාධින අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර එහි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මියගිය රැදවියන්ගේ තුවාල ලැබූ රැදවියන් රජය ලබා දීමට අපේක්ෂිත වන්දි සහ අනෙකුත් ක්‍රියාමාර්ග සේම නිලධාරීන්ගේ පවුල්වල ද ලබා දෙන වන්දි සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථිර කොමසාරිස් ජනරාල්වරයකු නොමැතිව ක්‍රියාත්මක වන කාලය සේම බන්ධනාගාර තුළ පවතින අධික තදබදය සහ ආරක්ෂක දුර්වලතා මේ සිදුවීමට බලපෑවේ නම් ඒවා නිවැරදි කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් මෙවැනි සිදුවීම් වාර්තාව සැලකිල්ලට ගෙන රැදවියන්ගේ ජිවිත ආරක්ෂා කිරිමටත් මෙවැනි සිදුවීම් වළක්වා ගන්න රජය අනුගමනය කරන ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් විමසීමට අවස්ථාව නොදිම තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවත් තමා විසින් යොමු කළ මේ ප්‍රශ්න දේශපාලන විවාද නොව මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමට අදාළ දත්ත ලබා ගැනීමක් බවත් කල්තැබීමේ විවාදයේදී නිශ්චිත තොරතුරු ලබා නොදෙන නිසා සහ ඊයේ කල්තැබීමේ විවාදයේදී තමා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය හකුලවා ගැනීමක් බවත් මේ නිසා භාෂණයේ නිදහස පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ සිදුවීමෙන් පසු මීගමුවේ සිට බූස්ස බන්ධනාගාරයට ගෙන ගිය සිරකරුවකුගේ ජීවිතය පවා අහිමිවි ඇති බවත් සෙසු බන්ධනාගාරවල පවා සිදුවන දේ නොදන්නා නිසා මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් සභානායකවරයා මේ සියල්ල නොමග යවන ලෙස අර්ථදක්වන බවත් මෙසේ නොමග යැවීම් සිදු නොකර නිශ්චිත දත්ත තොරතුරු සභාගත කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරනය කළේය.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment